සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ලෙස සැළකෙන අංගොඩ ලොක්කා සහ සොල්ටා නැමැත්තන්ට ගිනි අවි සැපයූ පුද්ගලයෙකු අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී මෙරටදී නිෂ්පාදනය කළ ගිනිඅවි 02ක් සහ T56 උණ්ඩ 18ක් ද පොලිස් විශේෂ කාර්යය බලකා භාරයට ගැනුණා.
පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවන්ට ආයුධ සැපයූ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.