News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

දිගන භූ කම්පන හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ බැම්ම අවදානමක ද?

454 Views


දිගන භූ කම්පන හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ බැම්ම අවදානමක ද?

මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව දිගින් දිගටම සිදු වූ භූ කම්පන සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කෙරුණු කමිටුවේ වාර්තාව මේ මස අග වනවිට නිකුත් වීමට නියමිතව තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් විශේෂඥයින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළේ, පසුගිය 19 වැනිදායි.

දැනට ඒ සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ පොළොව අභ්‍යන්තරයේ හුණුගල් ස්ථරවල පීඩනය නිදහස් කිරීමේ ක්‍රියාවලිය අදාළ භූ කම්පනවලට හේතුව බවයි.

දිගන ප්‍රදේශයෙන් විටින් විට වාර්තා වූ භූ කම්පන හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ බැම්ම අවදානම් තත්ත්වයක පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සොයා බැලෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post