කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක එන්නතක් ලෙස දැනට පවතින ෆයිසර් එන්නත පළමුවෙන් ලබාගත් කිහිප දෙනා අතර බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු ද සිටින බව වාර්තා වනවා.
පසුගිය 8වැනිදා අදාළ එන්නත ලබාදීම බ්‍රිතාන්‍යය තුළ ආරම්භ කළ අතර එදිනම එම එන්නත ලබා ගැනීමේ අවස්ථාව ඔහුට හිමි වුණා.
ඒ, ඔහු දකුණු එංගලන්තයේ සරේහි ෆ්‍රිම්ලි පාර්ක් රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරයෙකු වීම හේතුවෙන්.
අදාළ වෙෙද්‍යවරයා නමින්, වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් වන අතර ඔහු යාපනයේ උපත ලද්දෙක්.
ෆයිසර් එන්නත එන්නත්කර ගත් වෙෙද්‍යවරයා දැක්වූ අදහස් පහතින් :
“ඒක හරියට උණට දෙන එන්නතක් වගේ. මට කිසිම වෙනසක් දැනුනෙත් නෑ, මේ වනතුරු කිසිම අතුරු ආබාධයකුත් නෑ. මම අදත් වැඩට ගියා. මම දරු දෙන්නෙක්ගෙ පියෙක්. මට එන්නත ලැබුණ එක ගැන එයාල හොඳටම සතුටුයි. මොකද අපිට තියෙන එකම ආරක්ෂාව එන්නත විතරයි. එකම දේ මේක මුල්ම එන්නත නිසා ප්‍රතිඵලය මොකක් වෙයිද දන්නේ නෑ. මම දිනපතාම කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කළා. නමුත් අපේ රෝහලේ එතරම්ම නරක තත්ත්වයක් තිබුණේ නෑ,නමුත් අවදානමක් තිබුණා. හදිසියෙත් කිසිම කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැති රෝගින් හමුවීමයි. අපි එයාලට කියන්නේ super spreaders කියල. රෝහලට ඇතුළත් වුනොත් වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්න, ඒ වෙලාවට අපි ලොකු අර්බුදයකට මුහුණ දුන්නා. ප්‍රතිකාර කරන කොට අපි රෝගීන් කොටස් තුනකට බෙදුවා. අධි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතු අසාධ්‍ය රෝගීන්, රෝහලට ඇතුළත් කළ යුතු රෝගීන් සහ සුලු රෝග ලක්ෂණ තිබුන රෝගීන්. ඒ තුන්වෙනි කාණ්ඩයේ රෝගීන්ට අපි උපදෙස් දුන්නා නිවසේදී විවේක ගන්න කියලා. පළවෙනි රැල්ල ආපු වෙලාවේ අපි බොහෝ දේවල් දැනගෙන හිටියේ නෑ. ඒත් දෙවෙනි රැල්ල එනකොට තත්ත්වය වෙනස්, දෙවෙනි රැල්ලේ දි අපි සමහර රෝගීන්ට වෛරස නාශක බෙහෙත් දුන්නා, සමහරුන්ට ස්ටෙරොයිඩ් (steroid) දුන්නා. බොහෝ වෙලාවට ඒකෙන් රෝගය සුව නොවුණත් රෝහලට ඇතුළත් කිරීම පමා කරන්න හෝ රෝහලේ ගතකරන කාලය අඩුකරන්න පුළුවන් වුණා.”
එමෙන්ම ඔහු වැඩි දුරටත් පැවසුවේ, පළමු එන්නත ලබාගැනීමෙන් දින 21කට පසුව එම පුද්ගලයා එහි දෙවැනි මාත්‍රය ලබාගත යුතු බවයි.
එක් මාත්‍රයක් මගින් රෝගය යළි වැළඳීම සියයට 70කින් අඩු කරන අතර දෙවෙනි මාත්‍රය ලබාගත් විට එය සියයට 90ක් දක්වා ඉහළ යන බව ද ඔහු ප්‍රකාශ කළා.