මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කෙරුණු විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.
මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක්.
ත්‍රස්තවාදයට එරෙහි මානූෂීය ක්‍රියාන්විතයේ ජනාධිපති ආරක්ෂක සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජගත් අල්විස් මහතා, යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස ද කටයුතු කළ අයෙක්.
එමෙන්ම ඔහු දශක තුනකට අධික කාලයක් පැවැති කොටි ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාන්විත රැසක යුද පෙරමුණෙහි කටයුතු කළ ගජබා රෙජිමේන්තු නිලධාරියෙක් ද වනවා.
1981 වසරේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූ අල්විස් මහතා 2016 වසරේදී සක්‍රීය හමුදා සේවයෙන් විශ්‍රාම ලබන විට යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළා.