ජපානයේ සිට කෝටිපති ජපන් තරුණියක පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වූ තරුණයා අද ඇප ලබා පිටව ගියා.
සති දෙකකට ඉහතදී අදාළ තරුණයාට ඇප හිමි වුව ද දින 14ක් නිරෝධායනයට යොමුකර තිබීම හේතුවෙන් ඔහුට පිටව යාමට හැකි වුයේ නැහැ.
මෙරටින් ජපානයට පිටත්ව ගිය 23 හැවිරිදි තරුණයෙකු කෝටිපති පවුලක 15 හැවිරිදි තරුණියක පැහැරගෙන ආ බවට තොරතුරු වාර්තා වුණේ මීට සති කිහිපයකට පෙරයි.
මේ සම්බන්ධයෙන් අදාළ තරුණයා අත්අඩංගුවට ගත් අතර තරුණිය පරිවාස භාරයට යොමු කෙරුණා.