නයිජීරියාවේ වයඹ දිග ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක් වූ පාසල් සිසුන් සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නයිජීරියාවේ කන්කාරා ප්‍රදේශයේ පිරිමි පාසලක සිසුන් පිරිසක් පසුගියදා මෙලෙස පැහැර ගැනීමට ලක්වුණා.
පැහැර ගැනීම සිදු කළ බව පැවසෙන සන්නද්ධ කණ්ඩායම රජයේ හමුදා සමග වෙඩි හුවමාරුවක ද නිරත වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
පැහැර ගැනීමට ලක් වූ දරුවන්ගේ මව්පියන් චෝදනා කරන්නේ මෙහිදී ආරක්ෂක අංශ කඩිනමින් ක්‍රියාත්මක නොවූ බවටයි.
කෙසේ වෙතත් සන්නද්ධ කණ්ඩායම් සිසුන් පැහැර ගෙන යන අවස්ථාවේදී ඇතැම් සිසුන් කැලෑබද ප්‍රදේශ ඔස්සේ පැන යාමට ද සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
සන්නද්ධ කණ්ඩායම්වල ග්‍රහණයට හසු වූ සිසුන් සංඛ්‍යාව කොපමණක් ද යන්න පිළිබදව මෙතෙක් නිසි තොරතුරක් වාර්තා වී නැහැ.