හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රියාද් බදියුදීන් මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණියා.
ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සදහායි.
මේ අතර ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු හෙටින් අවසන් වීමට නියමිත බව ඊයේ නිවේදනය කෙරුණා.
එහි වාර්තාව සකසමින් පවතින බවත් එම කටයුතු අවසන් වීමෙන් පසු අදාළ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීමට නියමිත බවත් කොමිසමේ ලේකම්වරයා ඊයේ කියා සිටියා.