අද LPL තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් හා දඹුල්ල වයිකින් කණ්ඩායම් අතර තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද තරගයට දඹුල්ල කණ්ඩායම කලු පටි පැළඳ ක්‍රීඩා කිරීමට නියමිත බව එම කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.
එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වන චමිල ගමගේ මහතාගේ පියාගේ අභාවයට ශෝකය පළ කිරීමට මෙලෙස කටයුතු කරන බව එහි සඳහන් වෙයි