වැල්ලවාය – තණමල්විල මාර්ගයේ තණමල්විල, සිරිනන්දපුර ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරින් තුවාල ලබා අැත්තේ 23 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක් සහ 40 හැවිරිදි පුද්ගලයෙක්.
ඔවුන් තණමල්විල රෝහලට ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහරෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය පැවසුවා.