News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
15

පාසල් සිසුවියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් නගරයේ පාසල් 4ක් වසයි

529 Views


පාසල් සිසුවියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් නගරයේ පාසල් 4ක් වසයි

වව්නියාව ප්‍රධාන පාසලක සිසුවියකට කොරෝනා වෙෙරසය ආසාදනය වීම හේතුවෙන් වව්නියාව නගරයේ පාසල් 4ක් වසා දැමීමට තීරණයකර තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවේ, වයස අවුරුක 15ක පාසල් සිසුවියකට වෙෙරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

ඒ අනුව වව්නියාව දෙමළ මහ විද්‍යාලය, දෙමළ මිශ්‍රපාසල පාසල, ගාමිණි ජාතික පාසල හා රම්බකුලම බාලිකා විද්‍යාලය යන පාසල් දින නියමයකින් තොරව අද සිට වසා දැමූ බව වව්නියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. රාධාක්‍රිෂ්නන් මහතා පැවසුවා.

වව්නියාව දෙමළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලැබූ කට්කුලි ප්‍රදේශයේ පාසල් සිසුවෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් සහ ගාමිණි ජාතික පාසලේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ඇසුරු කළ පළමු ආශ්‍රිතයකු ලෙස සිසුවෙකු හදුනා ගැනීම හේතුවෙන් අදාළ පාසල් වසා දැමීමට තීරණය කළ බවයි වව්නියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ.

වසා දැමුණු පාසල් විෂබීජහරණය කිරීමට උපදෙස් දී ඇති බව ද වව්නියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post