ඊයේ පස්වරුවේ වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු පළා ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා වැලිසර ළය රෝහලට පැමිණි අවස්ථාවේ ඔහුට සිදු කළ pcr පරීක්ෂණ යෙදී අදාල පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බව හදුනා ගැනුණා.
පළා ගිය සැකකරු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.