එංගලන්තය තුල කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හදුනා ගැනීමත් සමග ලන්ඩන් නගරයේ කොරෝනා ආසාදිතයින් සැලකිය යුතු මට්ටමකට ඉහළ යමින් පවතින බව ලන්ඩන් නගරාධිපති වරයා සදහන් කරනවා.
ඒ හේතුවෙන් , මිලියන 34 ක පමණ ජනතාවකට සංචරණ සිමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සිනමා ශාලා , ක්‍රීඩාංගන, ඇතුළු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වසා දැමීමටත් , සංචරණය සිමා කිරීම හේතුවෙන් අපහසු තාවයට පත් වන ජනතාවට සහන සැලසීමට ද එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.