මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීමට ලොව පුරා රටවල් එන්නත් නිෂ්පාදනය සිදු කරමින් තිබෙන අතර පළමු එන්නත ලෙස මේ වන විට ඇමෙරිකාවේ ජනතාවට ෆයිසර් – බයෝඑන්ටෙක් එන්නත ජනතාවට ලබාදීම ආරම්භ කර දිනකිහිපයක් ගත වී තිබෙන පසුබිමක තව එන්නතක් සදහා අනුමැතිය ලබා දීමට ඇමෙරිකාව සැරසෙන බව වාර්තා වනවා.
ඒ අමෙරිකාවේ මොඩර්නා ආයතනය විසින් නිපදවූ එන්නත සදහායි. එම එන්නත සියයට 94ක ඵලදායිතාවයකින් යුත් වාර්තා වන අතර බොහෝ දුරට මේ සතිය අවසානය වන විට ඊට අනුමැතිය ලැබිය හැකි බවයි වාර්තා වන්නේ.