News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

වැලිසර ළය රෝහලෙන් පළා ගිය කොරෝනා රෝගියා අල්ලයි

457 Views


වැලිසර ළය රෝහලෙන් පළා ගිය කොරෝනා රෝගියා අල්ලයි

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ පස්වරුවේ පළා ගිය කොරෝනා ආසාදිතයා හමු වී තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ පුද්ගලයා මරදාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී එලෙස සොයා ගත් බවයි.

එම පුද්ගලයා සොයා ගැනීම සඳහා මහජන සහය අපේක්ෂාවෙන් පොලිසිය අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කළා.

මේ අතර එම පුද්ගලයා රෝහල්ගත වීමේදී මරදාන ප්‍රදේශය ලෙස දැක්වෙන ව්‍යාජ ලිපිනයක් රෝහල වෙත ලබාදී ඇති බවත් පසුව කළ විමර්ශනවලදී ඔහුගේ ස්ථිර පදිංචිය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ලිපිනයක් බවටත් අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

අදාළ පුද්ගලයා ඊයේ පස්වරුවේ රෝහලෙන් පැන ගිය අවස්ථාවේ සිට මරදාන පොලිසිය සහ මහබාගේ පොලිසිය එක්ව පුළුල් මෙහෙයුම් ආරම්භ කළා.

ඒ අනුවයි අද දහවල් 1ට පමණ අදාළ නිවසේ සැඟව සිටියදී ඔහුව සොයාගෙන ඇත්තේ.

අජිත් රෝහණ මහතා පැවසුවේ, ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබන අතර සුව වීමෙන් පසු නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සහ ව්‍යාජ තොරතුරු සැපයීම යන චෝදනාවලට අදාළව ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post