උත්සව සමයේ සෑම පවුලකටම කාණ්ඩ තුනක් යටතේ සහන පොළියට මූල්‍ය පහසුකම් සැළසීමට රජය තීරණයකර තිබෙනවා.
මසකට රුපියල් 50,000ට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීන්ට රුපියල් 50,000ක ණයක් ගැනීමට හැකි වනවා.
මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000 සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000ක ණය ලබාගත හැකි වනවා.
මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000ට අඩු නම් ණය මුදල රුපියල් 10,000ක් බවයි නිවේදනය කෙරුණේ.
ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව යන බැංකු මගින් ණය මුදල් සැපයෙනු ඇති.
පරිපූරක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමැත්තක් දක්වන රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවකයින්, සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතු වනවා.
ඒ අනුව ආයතන ප්‍රධානියා තම සේවකයින්ගේ සහතික කළ නාම ලේඛනය සේවා ස්ථානය අසල රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ යුතු අතර ඉන් පසු එම බැංකු ශාඛාව මගින් සේවකයින්ගේ ගිණුම්වලට නියමිත මුදල බැර කරනු ඇති.
අදාළ පහසුකම ලබා ගන්නා පුද්ගලයා ණය මුදල මාස 10ක් ඇතුළත ගෙවා නිම කළ යුතු වනවා.
ඒ සඳහා අය කෙරෙන මාසික පොළිය සියයට 0.625ක්.
2021 ජනවාරි මස සිට ඔක්තෝබර් මස 31 වැනිදා දක්වා කාලය ඇතුළත සේවකයාගේ වැටුපෙන් අදාළ ණය මුදල අය කර ගැනෙන බවයි නිවේදනය කෙරුණේ.