කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් නව ආසාදිතයින් 285 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඔවුන්ගෙන් 51 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති අතර සෙසු පිරිස වාර්තා වී ඇත්තේ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස බවයි.
ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 611ක්.
ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 34,732ක් ලෙසයි.