News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

එල්.පී.එල්. කුසලානය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට (ඡායාරූප)

629 Views


එල්.පී.එල්. කුසලානය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට (ඡායාරූප)

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 අවසන් මහා තරඟය ලකුණු 53කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, ගාල්ල ග්ලැඩියේඩර්ස් කණ්ඩායම සමග අද හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරඟයේදීයි.

කාසියේ වාසිය දිනා ගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබාගත්තා.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් එහි නායක තිසර පෙරේරා අනගි ඉනිමක් ක්‍රීඩා කළ අතර පන්දු 14කදී නොදැවී ලකුණු 39ක් ලබා ගැනීමට ඔහු සමත් වුණා.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් සොයිබ් මලික් ලකුණු 46ක්, ධනංජය ද සිල්වා ලකුණු 33ක්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 27ක් සහ ජොනසන් චාල්ස් ලකුණු 26ක් ලබා ගත්තා.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට‍ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 188ක් පමණයි.

පන්දු යැවීමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ධනංජය ලක්ෂාන් ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත්තා.

මොහොමඩ් අමීර්, සහන් ආරච්චිගේ සහ ලක්ෂාන් සඳකැන් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 189ක ඉලක්කයක් සමග පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පන්දු වාර 20 තුළදී ලබා ගැනීමට හැකි වුණේ කඩුලු 9ක් දැවී ලකුණු 135ක් පමණයි.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ කැපී පෙනුණ ක්‍රීඩකයෙකු වූ ධනුෂ්ක ගුණතිලක එක් ලකුණක් ලබා සිටියදී දුවද්දී අවසනාවන්ත ලෙස දැවී ගියා.

නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ පන්දු 17ක් තුළදී ලක්ණු 40ක් ලබා ගත්තා.

අශාම් ඛාන් ලකුණු 36ක්, සහන් ආරච්චිගේ ලකුණු 17ක් සහ ශෙහාන් ජයසූරිය ලකුණු 15ක් ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ලබා ගත් නමුත් පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලබා ගත හැකි වුණේ ලකුණු 135ක් පමණයි.

පන්දු යැවීමේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් උස්මාන් ඛාන් සහ සොයිබ් මලික් කඩුලු 2 බැගින් දවා ගත් අතර ධනංජය සිල්වා, සුරංග ලක්මාල්, වනිදු හසරංග සහ ඩුඈන් ඔලිවර් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඒ අනුව ලකුණු 53කින් ජයග්‍රහණය හිමි කරගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස කුසලානය හිමිකර ගැනීමට සමත් වුණා.

Image
ImageImageImage
Image


News Articles
Latest Videos
Most Popular Post