හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල ප්‍රදානය කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී අද සිදු කෙරුණා.
හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව අදාළ පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා සිටින සියලු හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ඇදුම් කට්ටල ප්‍රදානය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ සඳහා අනුග්‍රහය දක්වන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලයි.
කොරෝනා වෛරස තත්ත්වය හමුවේ හදිසි මරණ පරීක්ෂකවරුන් කරනු ලබන අවදානම් සහගත රාජකාරී කටයුතු පිළිබඳ මෙන්ම ඔවුන් මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා සහ හදිසි මරණ පරක්ෂකවරුන්ගේ සංගමයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ද පැවැත්වුණා.
සියලුම හදිසි මරණ පරීක්ෂකවරුන් සම්බන්ධකර ගැනීම සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම, මරණ පරීක්ෂකවරුන් බඳවා ගැනීමේදී දැනට පවතින ක්‍රමවේදය තවදුරටත් විදිමත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුව තිබෙනවා.