News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

කොරෝනා ආසාදිත තවත් 284ක් හඳුනා ගැනේ

428 Views


කොරෝනා ආසාදිත තවත් 284ක් හඳුනා ගැනේ

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 284 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

පස්වරුවේ වාර්තා වූ ආසාදිතයින් 376 දෙනා සමග අද දිනයේ මේ දක්වා හඳුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 660ක් ලෙසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 36,047 දක්වා ඉහළ ගියා.

එමෙන්ම වෛරසය ආසාදනය වූවන් 708 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ ගණන 27,000 ඉක්මවා ගියා.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 27,061ක් ලෙසයි.

මේ අතර කොරෝනා ආසාදිත රෝගීන් 8,542ක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සහ රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post