ඇෆ්ගනිස්ථානයේ සිදු වූ පිපිරීමකින් දරුවන් පහලොස් දෙනෙකු මිය ගොස් විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ ගම්මානයක ආගමික උත්සවයක් පැවති නිවසක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බවයි.
ළමුන් කිහිපදෙනෙකු යමක් වෙළෙන්දෙකුට අලෙවි කිරීමට සූදානම් වී ඇති අතර එම අවස්ථාවේ බෝම්බය පුපුරා ගොස් ඇති බවයි පැසෙන්නේ.
එරට පොලිසිය පැවසුවේ රික්ෂෝ රථයක පිටුපස බෝම්බය අටවා තිබූ බවයි.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.