මුලතිව්, මල්ලාවි, වව්නිකුලම් ප්‍රදේශයේදී කැබ් රථයක් වැවකට පෙරළී සිදු වූ අනතුරකින් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
අද පස්වරුවේ අදාළ අනතුර සිදු වන අවස්ථාවේ කැබ් රථයේ සිව් දෙනෙකු සිට ඇති අතර එකම පවුලේ පියා, පුත්‍රයා සහ දියණිය එලෙස අතුරුදන් වී තිබුණා.
තවත් දරුවෙකු අනතුරින් දිවි බේරාගෙන තිබෙනවා.
එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 38ක පුද්ගලයෙක් සහ ඔහුගේ 12 හැවිරිදි පුත්‍රයා සහ 2හැවිරිදි දියණියයි.
පොලිසිය පැවසුවේ, ඔවුන්ව සොයා මේ වනවිට පුළුල් මෙහෙයුම් ආරම්භකර ඇති බවයි.