News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

මුව ආවරණ නොපැළඳි ජනාධිපතිවරයෙක්ටත් දඩ (ඡායාරූප)

563 Views


මුව ආවරණ නොපැළඳි ජනාධිපතිවරයෙක්ටත් දඩ (ඡායාරූප)

මුව ආවරණ නොපැළඳ සෙළ්ෆි ඡායාරූපයකට පෙනී සිටි චිලී රාජ්‍යයේ ජනාධිපති සෙබස්තියන් පිනේරාට දඩ නියමකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඇමෙරිකානු ඩොලර් 3500ක දඩ මුදලක් ජනාධිපතිවරයාට එලෙස නියමකර ඇති බවයි.

චිලී ජනාධිපතිවරයා කාන්තාවක් සමග මුව ආවරණයක් නොමැතිව වෙරළ තීරයකදී ගත් සෙල්ෆි ඡායාරූපයක් චිලී රාජ්‍යයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

අදාළ ඡායාරූපය සම්බන්ධයෙන් සෙබස්තියන් පිනේරා ජනාධිපතිවරයා සමාව අයැදෙමින් කියා සිටියේ මුව ආවරණයක් නොමැතිව ඡායාරූපයකට පෙනී සිටිමේ වරද තමා පිළිගන්නා බවයි.

එම රාජ්‍යය තුළ මුව ආවරණ නොපැළඳීමේ නිතී දැඩි බැවින් ජනාධිපතිවරයාට මෙලෙස දඩ මුදලක් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සෙල්ෆි ඡායාරූප ගත් ජනපතිට දඩ


News Articles
Latest Videos
Most Popular Post