News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන බොරු පැතිරූ අයෙකුට වැඩ වැරදියි

474 Views


ත්‍රස්ත ප්‍රහාරයක් ගැන බොරු පැතිරූ අයෙකුට වැඩ වැරදියි

කතෝලික දේවස්ථාන ඉලක්කකර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා වට්ස්ඇප් මාර්ගයෙන් අදාළ තොරතුරු පතුරුවා තිබූ අතර එම පණිවිඩයේ සදහන් වී තිබුණේ ඊයේ දිනයේ පැවැති දේව මෙහෙයන් ඉලක්කකර ගනිමින් මෙම ප්‍රහාර එල්ල වීමට හැකි බවටයි.

මෙම පුද්ගලයා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අදාළ අසත්‍යය පුවත සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි.


News Articles
Latest Videos
Most Popular Post