News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමේ මොහොමඩ් අමීර්ගේ තීරණය ගැන සාකච්ඡා

584 Views


ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමේ මොහොමඩ් අමීර්ගේ තීරණය ගැන සාකච්ඡා

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් පසුගියදා ගත් තීරණය සම්බන්ධයෙන් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වනවා.

ඒ, පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ෂාහිඩ් අෆ්රිඩිගේ මැදිහත් වීම මතයි.

28 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට පසුගියදා තීරණයකර තිබුණේ, ක්‍රිකට් කළමනාකාරීත්වය සමග කටයුතු කිරීම අපහසු බව පවසමින්.

මේ අතර මොහොමඩ් අමීර් තවදුරටත් පවසා තිබුණේ තමන්ට ඒල්ල වන බලපෑම් හමුවේ සියල්ලන් තමන්ව මග හැරි අවස්ථාවේ කිසිදු වෙනසක් නොදක්වා තමන් සමග සිටි ඒකම පුද්ගලයා පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ෂාහිඩ් අෆ්රිඩි පමණක් බවයි.

ඒ හේතුවෙන් තමන් ෂාහිඩ් අෆ්රිඩි හිටපු නායකයාට ස්තූතිවන්ත වන බවයි මොහොමඩ් අමීර් වැඩිදුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post