News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

“මොඩර්නා” එන්නත බෙදා හැරීම ඇරඹෙයි

634 Views


“මොඩර්නා” එන්නත බෙදා හැරීම ඇරඹෙයි

ඇමෙරිකාව නිපද වූ මොඩර්නා එන්නත බෙදාහැරීම ආරම්භකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය ගබඩාකර තැබීම සඳහා සාමාන්‍ය අධිශීතකරණ භාවිත කළ හැකි වීම විශේෂත්වයක්.

ඇමෙරිකාව කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනයකර, ජනතාවට ලබා දෙන දෙවන එන්නත මෙයයි. 

සියලු ප්‍රාන්තවල මධ්‍යස්ථාන 3,700ක් සඳහා මොඩර්නා එන්නත ලබාදීමට නියමිත බවයි ඇමෙරිකානු සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේ වනවිට සම්පාදනය කර අවසන්.

මේ වනවිට ලෝකයේ භාවිතයට ගෙන ඇති Pfizer එන්නත බෙදාහැරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට අසීරු රටවලට විකල්පයක් ලෙස මොඩර්නා එන්නත සුවිශේෂී වනවා.

එය ද අදියර දෙකකින් ලබා දිය යුතු එන්නතක් වන අතර එහි ඵලදායීබව 95%ක් වන බවට තහවුරු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post