News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

මෙරට ආසාදිතයින් ගණන 37,631 දක්වා ඉහළට

366 Views


මෙරට ආසාදිතයින් ගණන 37,631 දක්වා ඉහළට

ඊයේ දිනය තුළ වාර්තා වූ කොරෝනා රෝගීන් 364 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 37,631 දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් සියලු දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් හදුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර ආශ්‍රයෙන් ආසාදිතයින් කිසිවෙක් හදුනාගෙන තිබුණේ නැහැ.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රිතව හදුනාගෙන ඇති සමස්තය 33,736ක්.

කෙසේ වෙතත් දෙෙනික කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් ඊයේ දිනය තුළ දක්නට ලැබීම විශේෂත්වයක්.

මේ අතර තවමත් රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 8,773ක්.

එමෙන්ම මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 28,682ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post