කොරෝනා වෙෙරසය ආසාදනය වූ බවට හදුනා ගැනුණු ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හම්බන්තොට ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.
ආගරපතන ඇල්බියන් වත්ත ප්‍රදේශයේ තෝන්ෆීල්ඩ් කොටසේ පැවැති මංගල උත්සවයකට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට මින් පෙර හඳුනාගෙන තිබුණා.
අදාළ මංගල උත්සවයට ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද සහභාගී වී තිබූ අතර පසුව ඔහුටත් වෙෙරසය ආසාදනය වී ඇති බව හඳුනා ගත්තා.
එම සභාපතිවරයා නිරෝධායනයට ලක්කර තිබියදීත් රැස්වීම් කිහිපයකට සහභාගී වී තිබුණා.
ඒ හේතුවෙන් අදාළ රැස්විම්වලට සහභාගී වූ අඹගමුව, මස්කෙළිය, නෝර්වුඩ්ල, කොටගල, නුවරඑළිය ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු සේවකයින්ට ඉදිරියේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර සභාපතිවරයාට කොෙරා්නා වෙෙරසය ආසාදනය වීමත් සමග ආගරපතන ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ ඊයේ පියවර ගත්තා.
එම ප්‍රාදේශීය සභාවේ සේවකයින් පී.සී.ආර්. පරික්ෂාවන්ට ලක්කර එහි ප්‍රතිඵල මත ඉදිරියේදී සෞඛ්‍ය ආරක්ෂිතව ප්‍රාදේශීය සභාව විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.