News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

පොළොන්නරුවේ මාර්ගයක් ජලයෙන් යට වෙයි – දිස්ත්‍රික්ක කිහිපයකට ඉතා තද වැසි

374 Views


පොළොන්නරුවේ මාර්ගයක් ජලයෙන් යට වෙයි – දිස්ත්‍රික්ක කිහිපයකට ඉතා තද වැසි

අධික වැසි සමග පොළොන්නරුවේ සිට මඩකලපුව දක්වා මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඒ හේතුවෙන් අදාළ මාර්ගය හරහා කුඩා මෝටර් රථ ධාවනය කිරීම තාවකාලික නවතා දමා ඇති බවයි.

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, මුලතිව්, කිළිනොච්චිය සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post