ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් පහළොස් හැවිරිදි දැරියක් සිය සිරුරට ගිනි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ දැරිය ඇගේ නැන්දණියගේ පුත්‍රයා සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට විරුද්ධ වූ නැන්දණිය නිරන්තරයෙන් ඇයට බැණ වැදී තිබුණා.
ඒ හේතුවෙන් කනස්සල්ලට පත් දැරිය සිය නිවස තුළදීම සිරුරුට ගිනි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බරපතල පිළිස්සුම් තුවාල ලැබූ දැරිය කලවාන රෝහලට ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබුණා.
එහිදී ඇය මියගොස් තිබෙනවා.