පසුගියදා කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්නට හේතුව විදුලි කාන්දුවක් නොවන බවට අනාවරණ වී තිබෙනවා.
ගින්න හට ගැනීමෙන් පසු සිදු කළ පරික්ෂාවෙන් අනතුරුව විදුලිබල මණ්ඩලය ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා.
එම ගින්න සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂකවරයා කළ පරීක්ෂණයේ වාර්තාව ද මෙතෙක් නිකුත් වී නැහැ.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සංකීර්ණයේ සේවකයින් ඇතුළු කිහිප දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.