විදෙස් රටවල නිපදවා ඇති කොවිඩ් එන්නත් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමෙන් පසුව අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා තිබෙනවා.
දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව, ජනාධිපති කාර්යාලයේ අද රැස් වූ අවස්ථාවේදී එම තීරණයට එළැඹුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
වතු, මහල් නිවාස, නේවාසිකාගාර ඇතුළු රෝගය පැතිර යාමේ වැඩි අවදානමක් සහිත ස්ථාන සහ කණ්ඩායම් පිළිබඳ දත්ත රැස් කිරීමට ද එහිදී තීරණයකර තිබෙනවා.