කොරෝනා වැළඳීමෙන් තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.
එලෙස මියගොස් ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කොරෝනා වෛරසය ආසාදනය වීම සමග ලේ විෂ වීම සහ පිළිකා රෝගී තත්ත්වයක් ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.
අදාළ පුද්ගලයා ඉකුත් 21 වැනිදා නිවසේදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එම මරණය සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගියා.
