අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 579 දෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
අද රාත්‍රී තවත් ආසාදිතයින් 231 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.
ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවල සමස්තය 34,960 දක්වා ඉහළ ගියා.
