News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
23

‘කොරෝනා මෘත දේහ ගැන තීරණයක් ගත යුත්තේ සියලු ජන කොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසුවයි’ – රනිල් වික්‍රමසිංහ

578 Views


‘කොරෝනා මෘත දේහ ගැන තීරණයක් ගත යුත්තේ සියලු ජන කොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසුවයි’ – රනිල් වික්‍රමසිංහ

කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ සියලු ජන කොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින්.

මෘත දේහ ආදාහනය කරන්නේ ද, භූමිදාන කරන්නේ ද යන්න පිළිබඳ තීන්දු කිරීම ඒ ඒ ජන කොටස්වල අයිතිවාසිකමක් බවත් විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර බෞද්ධ, හින්දු සහ මුස්ලිම් ආගමික නායකයින් සමග සාකච්ඡා කළ යුතුව තිබූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ මහතා එම රැස්වීමේදී දැක්වූ අදහස් ඇතුළත් කරමින් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post