නත්තල් දිනය වෙනුවෙන් දිවයිනේ සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, හෝටල් සහ විශේෂ තුන් අවුරුදු බලපත්‍ර ලත් ස්ථාන හැර අනෙකුත් සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තැබෙන බවයි.
එමෙන්ම උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන 29 වැනිදා දිවයිනේ සියලුම සුරාසැල් වසා තබන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.