News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
24

හුදෙකලා කෙරුණු ප්‍රදේශ දෙකක් නිසා දුම්රිය ගමනුත් සීමා වෙයි

559 Views


හුදෙකලා කෙරුණු ප්‍රදේශ දෙකක් නිසා දුම්රිය ගමනුත් සීමා වෙයි

අවිස්සාවේල්ල සහ කොස්ගම පොලිස්බල ප්‍රදේශ හුදෙකලා කිරීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමාකර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට කොළඹ – කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති බවයි.

ඒ අනුව හෙට සිට කඩුගොඩ, කොස්ගම, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන නැවත දැනුම් දෙනතුරු විවෘත නොවන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post