තවත් කොරෝනා මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
අගලවත්තේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති අතර එම පුද්ගලයා ඉකුත් 20 වැනිදා පිඹුර මූලික රෝහලට ඇතුළත්කර තිබුණා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.
එම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ඇති වූ ලේ විෂ වීමක්.
අදාළ මරණය සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගියා.
