නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුණුවන්ගේ සිත්, දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද නත්තල් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙන අතර උදා වූ නත්තල ජේසුස් වහන්සේගේ ඉපදීමත්, දෙවියන් වහන්සේ මානව සංහතිය කරා සම්ප්‍රාප්ත වීමත් සිහිගන්වන බව අග්‍රාමාත්‍වරයා සුබ පැතුම් එක් කරමින් සදහන් කර සිටිනවා.

