වේයන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මියගොස් තිබෙනවා.
වේයන්ගොඩ ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා සැකකරුවෙකු රැගෙන ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් අතරතුර පොලිස් වෙඩි පහරින් එම සැකකරු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළා.
පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් අදාල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒ ඉකුත් 19 වනදා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත් පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමක් සම්බන්ධයෙන් චෝදනවකටයි.
අදාල සැකකරු මංකොල්ලකෑම් කිහිපයකටත් සම්බන්ධ සැකකරුවෙක් වන බවත් වේයන්ගොඩ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි නිශාන්ත කුමාරසිරි නැමැති 37 හැවිරිදි පුද්ගලයෙක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. අද අලුයම මෙම සැකකරු සමග යම් මෙහෙයුමක් සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වේයන්ගොඩ පොලිස් වසමේ හල්ගම්පිටිය ප්‍රදේශයට ගොස් තිබෙන අතර එහිදී ඇති වූ සිද්ධියකදී මෙම සැකකරු රෝහල්ගත කිරීමකදී මියගොස් ඇති බවට වාර්තා වුණා.