තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන වර්ග කිහිපයක් ලබන අප්‍රේල් මස සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා.
එම අමාත්‍යාංශය පැවසුවේ වරක් භාවිතකර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන වර්ග 6ක් ඇතුළත් ලැයිස්තුවක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.
එලෙස තහනම් වන ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන සදහා වන ගැසට් නිවේදනය එළැඹෙන පළමු වැනිදා නිකුත් කරන බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ.
ඒ අනුව ඉවතලන සැෂේ, කොට්න් බඩ්, ලන්ච් ෂීට් වැනි පොලීතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග හයක් ලබන අප්‍රේල් මස සිට තහනම් වනු ඇති.