News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව – ඊයේ දිනයේ ආසාදිතයින් පස් දෙනෙකු හඳුනා ගැනේ

470 Views


අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව – ඊයේ දිනයේ ආසාදිතයින් පස් දෙනෙකු හඳුනා ගැනේ

බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින්ට අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂණ සිදු කිරීම තවදුරටත් සිදුවන බව පොලිසිය පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ඊයේ දිනය තුළ එම පරීක්ෂණ 1,100ක් සිදු කළ අතර ඉන් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම පසුගිය සතිය තුළ බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින්ට එලෙස සිදු කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂණවලින් ආසාදිතයින් 41 දෙනෙකු හඳුනා ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post