පැවැති අයහපත් කාලගුණික තත්ත්වය යටතේ කොළඹ මහනගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් දුරකතන අංකය තාවකාලිකව අකර්මණ්‍ය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එය යථා තත්ත්වයට පත් වන තෙක් එම දෙපාර්තමේන්තුව ඇමතීම සදහා දුරකථන අංක කිහිපයක් හදුන්වා දී ඇති අතර හදිසි තත්ත්වයකදී අදාළ අංක ඇමතීම මගින් කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත හැකි වනවා.
එම දුරකතන අංක පහතින් :
011 2 422 222
071 4 466 232
071 4 274 161