News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

විරාත් කෝලිත් පිතෘ නිවාඩු ගනි

533 Views


විරාත් කෝලිත් පිතෘ නිවාඩු ගනි

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලී සිය බිරිද වන අනුෂ්කා ශර්මා ගේ පළමු දරු ප්‍රසුතිය සිදු කිරීමට සැරසෙන කාල වකවනුවාක ඇය සහ ලැබෙන්නට සිටිනා දරුවා සමග කාලය ගත කිරීම සදහා පිතෘ නිවාඩු ගෙන තිබෙනවා.

ඒ ඔහු විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කල ඉල්ලීමකට අනුවයි. ඒ සදහා එම පාලක මණ්ඩලය විසින් ඔහු හට නිවාඩු ලබා දීමට කටයුතු කර තිබෙන අතර කෙසේ වෙතත් මේ වන විට පැවැත්වෙන ඉන්දියා – ඕස්ට්‍රලියා ක්‍රිකට් තරගාවලියේ මොහුගේ නියෝජනය නොලැබීම කණ්ඩායමට ඉමහත් පාඩුවක් බවයි විස්තර විචාරකයින් සදහන් කරන්නේ. අවසන් වූ ඉන්දියා – ඕස්ට්‍රලියා ක්‍රිකට් තරගාවලියේ ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායම ටෙස්ට් ඉනිමකදී වාර්තා කල අඩුම ලකුණු ගණන වාර්තා කලා.

කෙසේ වෙතත් මෙවන් පසුබිමක විරාත් කෝලි කණ්ඩායමෙන් සමුගෙන එන්නේ දැඩි කනස්සල්ලකින්. එසේ නමුත් බොහෝ දෙනා සදහන් කරන්නේ ඔහු ගත් එම තීරණය අගය කරන බවයි


News Articles
Latest Videos
Most Popular Post