News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

2021 වසරේ ස්වයං රැකියා ලක්ෂ 2ක්

1587 Views


2021 වසරේ ස්වයං රැකියා ලක්ෂ 2ක්

2021 වසරේ ස්වයං රැකියා අවස්ථා 200,000ක් නිර්මාණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව ඇති ග්‍රාමීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කරමින් ජනතාවගේ ජීවනෝපාය සවිමත් කිරීම මෙහි අරමුණයි.

ග්‍රාමීය නිපැයුම් සඳහා නව වෙළෙඳසැල් 25,000ක් අරැඹීමට නියමිතව ඇති අතර සමෘද්ධිලාභීන් ජීවනෝපාය වෙත යොමුකිරීමේ මෙම වැඩපිළිවෙළේ නායකත්වය සමෘද්ධි කළමනාකරුවන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වෙත පැවරීමට ද ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා තීරණයකර තිබෙනවා.

සමෘද්ධි කළමනාකරුවන් සමඟ අරලියගහ මන්දිරයේ දී පසුගියදා පැවැති සාකච්ඡාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධනය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post