චීන ජාතික කොඩියට අපහාස කිරීමේ චෝදනාවකට හොංකොං හි ප්‍රමුඛ ශිෂ්‍ය ක්‍රියාධාරියෙක් වන ටෝනි චංග් ව මාස 4ක් දක්වා සිර දඬුවමක් එරට අධිකරණයෙන් ලබා දී තිබෙනවා.
ඒ පසුගිය දා පැවැති විරෝධතාවයක් අතරතුර අදාල තරුණයා චීන ජාතික කොඩිය ඇදීමෙන්, කොඩි කණුව කඩා දැමීමෙන් සහ කොඩිය විසිකිරීමෙන් ජාතික කොඩියේ අභිමානයට පළිදු වන ලෙස හැසිරී ඇති බව තහවුරු වීම නිසා මෙම දඩුවමට ලක් වුණා.