News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
31

ඇතැම් ප්‍රදේශවලට අදත් තද වැසි

501 Views


ඇතැම්  ප්‍රදේශවලට අදත් තද වැසි

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද දිනයේත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි වනවා.

ඌව පළාතේ සහ මාතලේ, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව අද උදෑසන නිකුත් කළ කාලගුණ නිවේදනයේ සදහන්.

එහි දැක්වෙන්නේ, සෙසු ප්‍රදේශවල සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි ඇති හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post