News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
31

ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය ආසාදිත රැඳවියන්ගෙන් අයෙක් සොයා ගනියි

491 Views


ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය ආසාදිත රැඳවියන්ගෙන් අයෙක් සොයා ගනියි

පොළොන්නරුව, ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන පළා ගිය ආසාදිත රැඳවියන් පස් දෙනාගෙන් එක් රැඳවියෙකු සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ ආසාදිත රැඳවියා හලාවත, දෙමටපිටිය ප්‍රදේශයේ රැඳී සිටියදී සොයා ගැනුණු බවයි.

එම පුද්ගලයා වයස අවුරුදු 27ක් වූ කවිඳු මධුශාන් නැමැති අයෙක් වන අතර ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට නියමිතයි.

අදාළ රැඳවියන් පස් දෙනා පැන යාමත් සමග පොලිසිය සහ යුද හමුදාව එක්ව පුළුල් මෙහෙයුමක් දියත් කළ අතර ඔවුන්ගේ තොරතුරු ද අද දහවල් මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

මේ අතර සෙසු ආසාදිත රැඳවියන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post