News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
31

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

506 Views


කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත් සදහාත්, ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්ක සදහාත් ප්‍රභල අකුණු පිළිබද අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ පළාත්වල සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බවයි.

ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි වැසි ද අපේක්ෂා කරන බව අදාළ නිවේදනයේ සදහන්.

සුළග සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබා ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post