තවත් කොරෝනා ආසාදිතයින් 191 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.
ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 502ක්.
නව ආසාදිතයින් 191 දෙනා සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවල මුළු ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 40,628ක් ලෙසයි.