News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
3

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව

822 Views


ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටි මාලිගාවත්ත බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමි වී ඇතැයි වාර්තා වනවා.

නීති විරෝධි අන්දමින් ටී 56 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 210 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ උන්වහන්සේට එලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබුණා.

2010 ජනාධිපතිවරණයට දින කිහිපයකට ඉහතදී විහාරස්ථානය වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එහි සඟවා තිබූ අදාළ අවි සහ උණ්ඩ තොගය සොයා ගත්තා.

ඌවතැන්නේ සුමන හිමියන්ට අමතරව අදාළ විහාරස්ථානයේ විහාරවාසී පූජ්‍ය මාවෙල සුබෝධ හිමි සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් යැයි පැවසෙන පී. රාජබාලන්, කේ. තමිල්සෙල්වම් සහ චන්ද්‍රනම් සුබ්‍රමනියම් යන අයට ද අධිචෝදනා එල්ල වූ අතර නඩු විභාගය අතරතුරදී ඔවුන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටයි අධිකරණය නියෝගකර තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post